
ඩ්‍රෝන යානා භාවිතා කරමින් ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයේ කටයුතු සිදු කිරීමට, යම් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට ඇති හැකියාව සැලකිල්ලට ගෙන එම තත්වය වළක්වාලීමට අවශ්‍ය ඉදිරි පියවර ගැනීම කාලීන අවශ්‍යතාවයක් බව ශ්‍රී ලංකා පොලිසියට නිරීක්ෂණය වී තිබෙනවා.
මෙරට තුළ ඩ්‍රෝන යානා / නියමුවන් රහිත ගුවන් යානා ආනයනය කිරීම, වෙළඳා කිරීම, ක්‍රියාකරවීම සම්බන්ධව 2010 අංක 14 දරණ සිවිල් ගුවන් සේවා පනතේ සලසා ඇති ප්‍රතිපාදන වලට යටත්ව සිදු කළ යුතු වුවද ඇතැම් ආයතනයන් මඟින් ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයෙන් එම යානා මෙරටට ආනයනය හා අමතර කොටස් වෙළඳාම සිදු කරන බවට තොරතුරු අනාවරණය වී ඇති බව පොලිසිය පවසනවා.
එබැවින් ඩ්‍රෝන යානා නියමුවන් රහිත ගුවන් යානා හා අමතර කොටස් ආනයනය කරන ආයතන, මෙරට තුල ඩ්‍රෝන යානා අලෙවි කරන ව්‍යාපාරික ස්ථාන අළුත්වැඩියා කරන ස්ථාන පවත්වාගෙන යන පුද්ගලයන් 2010 අංක 14 දරණ සිවිල් ගුවන් සේවා පනතේ ප්‍රතිපාදන වලට යටත්ව එම කටයුතු පවත්වාගෙන යාමට කටයුතු කරන්නේද යන්න සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙසත්, ඒ සම්බන්ධ දත්ත පවත්වා ගෙන යාම සඳහාත් පොලිස්පතිතුමා විසින් සියළුම පොලිස් ස්ථාන දැනුවත් කර ඇති බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරනවා.