
කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණයේ දී ගණේමුල්ල සංජීව ඝාතනය වීමේ සිද්ධිය සම්බනධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් ලබන 20 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස්. බෝදරගම අද (6) නියෝග කළා. කොළඹ අපරාධ කොට්ඨාශය විසින් වැඩිදුර බී වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කිරීමින් අනතුරුව කරන ලද කරුණු දැක්වීමෙන් අනතුරුව මෙලෙස නියෝග කළා. සිද්ධියට අදාල සැකකරුවන් සිව් දෙනකු විවෘත අධිකරණයේ පෙනී සිටි අතර අනෙක් සැකකරුවන් සුම් තාක්ෂණය ඔස්සේ අධිකරණයට ඉදිරිපත් කර තිබුණා. සිද්ධිය සම්බන්ධයෙන් 21 වන සැකකරු වන කමන්ඩෝ සලින්ත අද (06) දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අපරාධ කොට්ඨාශය පෙර නඩු දිනයේදී අධිකරණයෙන් නියෝගයක් ලබා තිබුණද බන්ධනාගාර නිලධාරින් විසින් ඔහුව අද අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ නැහැ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් අධිකරණයට දැක්වූ කොළඹ අපරාධ කොට්ඨාශය සඳහන් කර සිටියේ, මෙම සිද්ධියේ 36 වන සැකකරු වන පෑලියගොඩ අපරාධ කොට්ඨාශයේ රැඳවුම් නියෝග මත සිටින බැකෝ සමන් නමැත්තා මෙම නඩුකරය සඳහා මෙම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියෝගයක් ලබා දෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියා. සිද්ධියට අදාල නඩුව මාර්තු 20 කැඳවන ලෙස නියෝග කළ ප්රධාන මහේස්ත්රාත්වරයා සැකකරුවන් මාර්තු 20 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළා