
දකුණු මුහුදු තීරයේදී මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගතකර
සිටින සමගි ජන බලවේගයේ පළාත් පාලන ඡන්ද අපේක්ෂකයෙකු වූ වසන්ත
පුෂ්පකුමාර ඇතුලු සැකකරුවන් නව දෙනා මාර්තු මස 17 දින දක්වා තවදුරටත්
රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග
එස්. බෝදරගම අද (3) නියෝග කළා.
තංගල්ල ප්‍රදේශයේ පදිංචි වර්ණකුලසූරිය නොයෙල් රංජිත් ප්‍රනාන්දු, දුලාන් සජිත්
අසලංක, නුවන් පුෂ්ප කුමාර, නිමල් ප්‍රනාන්දු, මිල්බන් ද සිල්වා සහ දිනුෂ රුවන්
කුමාර යන අය මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කළ සැකකරුවන්.
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින මෙම සැකකරුවන් සූම් තාක්ෂණය ඔස්සේ අද
අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.
එහිදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින් අධිකරණය හමුවේ කරුණු
දක්වමින් මෙම සැකකරුවන්ට අදාළ විමර්ශන අවසන් වී නොමැති බැවින් තවදුරටත්
ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් ඉල්ලා සිටියා.
බහු දින ධීවර යාත්‍රාවේ ජී.පී.එස්. යන්ත්‍රය මිනින්දෝරු දෙපාර්තමේන්තුවට යොමු
කර වාර්තාවක් කැඳවීමට අවසර දෙන ලෙසත් අදාළ මත්ද්‍රව්‍ය සමග තිබූ ගිනි
අවි දෙකක් රජය රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් කැඳවීමට අවසර
දෙන ලෙසත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් අධිකරණයෙන්
ඉල්ලීමක් කළා.
මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් ඉල්ලා සිටි ඉහත වාර්තා කැඳවීමට අවසර දුන්
මහේස්ත්‍රාත්වරයා මෙම සැකකරුවන් ලබන 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත
කරන ලෙස නියම කළා.
දකුණු මුහුදු තීරයේදී බහුදින ධීවර යාත්‍රාවකින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 261 ක්
සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 115 ක් රැගෙන එමින් තිබියදි මෙම සැකකරුවන්
සමග අත්අඩංගුවට ගනු ලැබුවා.