
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝ මිටර් 23 කළුතර උතුර ප්‍රදේශයේ කාර්මික දෝෂයට ලක්ව නවතා තිබූ මෝටර් රථය තුළ තිබූ වීදුරු කැබැල්ලක් දැක ඇතිවූ සැකයක් මත එහි සිටි තරුණයන් තිදෙනා පරික්ෂා කිරීමේදී රුපියල් ලක්ෂ 40 කට ආසන්නව වටිනා අයිස් මත්ද්‍රවය තොගයක් සොයා ගැනීමට හැකි වූ බව දක්ෂිණ අධිවේගී ගැලනිගම පොලිසිය සඳහන් කරයි
සැකකාර තරුණයන් තිදෙනා සමග සමඟ අයිස් මත්ද්‍රවය ගෑම් 85, ජාවාරමින් උපයා ගත් බවට සැක කරන රුපියල් 160000/= කට අධික මුදලක් සහ ජාවාරමට යොදා ගත් ජංගම දුරකථන හා මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට යොදාගත් මෝටර් රථයද පොලිස් භාරයට ගනු ලැබීය
ගැලණිගම අධිවේගී මාර්ග රථ වාහන පොලිසියේ පොලිස් සැරයන්වරුන් වන(33407) චන්දන, (40203) ජයසූරිය හා ( 13516) රත්නසිරි යන නිලධාරීන් පොලිස් රේඩියෝ රථයෙන් අධිවේගී මාර්ගයේ ජංගම සංචාරයේ මාතර දෙසට යෙදී සිටියදී ගැලනිගම සහ දොඩංගොඩ අතර කිලෝමිටර් 23 කළුතර උතුර ප්‍රදේශයේ මෝටර් රථයක් කොළඹ දෙසට ගමන් ගන්නා මාර්ගයේ නවතා තිබෙනු දැක එම ස්ථානයට ගොස් එහි සිටි තරුණයන්ගෙන් ඒ සම්බන්ධයෙන් විමසීමේදී ඔවුන් යම් තැති ගැන්මකට ලක්ව පිළිතුරු ලබාදීමේදී ඉරියව් වෙනස් වන අයුරු නෙත ගැටීමත් සමගම ප්‍රථමයෙන් මෝටර් රථය පරික්ෂා කිරීමට කටයුතු කරනු ලැබූ බව පොලිසිය කියයි
එහිදී මෝටර් රථයේ අසුනක් මත වීදුරු කැබැල්ලක් තිබුණු දුටු පොලිස් නිලධාරීන් එය පරික්ෂා කිරීමේදී එය අයිස් මත්ද්‍රව්‍ය පානය සඳහා යොදා ගැනීමට උපයෝගී කරගත් එකක් බවට සැක හැර දැනගෙන එම තරුණයන් තිදෙනා එම ස්ථානයේදීම පරික්ෂාව කිරීමේදී තරුණයෙකුගේ යට ඇඳුමේ සඟවා තිබූ පාර්සල් හයක අඩංගු මත්ද්‍රවය තොගය සොයා ගැනීමට හැකි වී වී තිබිණි
එම පුද්ගලයා තවදුරටත් පරික්ෂා කිරීමේදී ඔහුගේ මුදල් පසුම්බියේ තිබීමත්ද්රව්ය ජාවාරමින් උපයා ගත් බවට සැක කරන රුපියල් 160000/= ක මුදලක් ද සොයා ගැනීමට හැකිවූ බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී මෙම තරුණයන් ද දැඩිව අයිස් මත්ද්‍රවය පානය කර සිටීම හේතුවෙන් මත් ගතියෙන් සිටි බවත් මොවුන් පුරුද්දක් ලෙස ගාල්ලේ සිට අධිවේගී මාර්ගය ඔස්සේ බිංගිරියට මේ ආකාරයෙන් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය ජාවාරමේ යෙදී ඇති බවට පොලිස් විමර්ශනවලදී තවදුරටත් අනාවරණය වී ඇත
තරුණයන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී කාර්මික දෝෂයට ලක්වූ ඔවුන් ගමන් ගත් මෝටර් රථය කුලී පදනම මත ලබාගත් එකක් බවට සැකකාර තරුණයන්ගෙන් ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූ බව පොලිසිය කියයි.
සැකකාර තරුණයන් වයස අවුරුදු 21/27 පසුවන බිංගිරියේ පදිංචිකරුවන්ය.
දක්ෂිණ අධිවේගී රථවාහන ගැලණිගම පොලිසිය පරීක්ෂණ පවත්වයි.
(බන්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ )