
පාස්කු ඉරිදා ත්රස්ත ප්රහාරය සම්බන්ධ නඩුවේ වරදකරුවන් වූ 15 දෙනාට එක් අයෙකුට වසර 220 බැගින් වූ බරපතල වැඩ සහිත සිර දඬුවමක් කොළඹ ත්රිපුද්ගල විශේෂ මහාධිකරණයක් විසින් අද (22) නියම කළා.
විත්තිකරුවන්ගේ සියලු දේපළ රාජසන්තක කරන ලෙසද අධිකරණයෙන් නියම කළා.
විත්තිකරුවන්ගේ ඇඟිලි සලකුණු ලබා ගන්නා ලෙසද අධිකරණය නියෝග කළා.
මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ කොළඹ විශේෂ ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරුවරුන් වන නවරත්න මාරසිංහ (සභාපති විනිසුරු), සුජීව නිශ්ශංක සහ රාමනාදන් කන්නන් යන විනිසුරු මඬුල්ල විසින්.