
බන්ධනාගාරය තුළ රඳවා සිටියදී සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන නඳුන් චින්තක වික්රමරත්න හෙවත් 'හරක් කටා සහ මන්දිනු පද්මසිරි හෙවත් කෙහෙල්බද්දර පද්මේ අතර ගැටුමක් හටගෙන ඇති බවට ආරංචි මාර්ග සඳහන් කරනවා.
බන්ධනාගාර දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පෙන්වා දෙන්නෙ මෙම පහරදීමෙන් සුළු තුවාල ලැබූ 'කෙහෙල්බද්දර පද්මේ' ප්රතිකාර සඳහා වැලිසර බන්ධනාගාර රෝහලට ඇතුළත් කළ බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර බලධාරීන් වැඩිදුර විමර්ශන පවත්වන බවයි වාර්තා වෙන්නේ.