පවතින වැසි සමග හටත් ආපදා හේතුවෙන් එක් මරණයක් වාර්තා වි ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. අනුරාධපුර තඹුත්තේගම ගුරුගම ප්‍රදේශයේ අධික වැසි සමග හටගත් ජල පහරකට ගොදුරුවි එක් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙන බව සඳහන්. මෙ අතර ඊයේ(18) කුරුණැගල වාරියපොල හා නිකවැරටිය ප්‍රදේශවලට බලපැ තද සුළං තත්ත්වයක් හේතුවෙන් නිවාස 111 කට අර්ධ හානි වි සිදුවි තිබෙනවා. මේ අතර වාරියපොල,නිකවැරටිය හා තඹුත්තේගම ප්‍රදේශවලට බලපැ අපදා තත්ත්වයන් හේතුවෙන් පවුල් 122 කට අයත් පුද්ගලයින් 505 දෙනෙක් පිඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.