පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හමුවේ, දිවයිනේ දිස්ත්‍රික්ක 11ක යළිත් ඩෙංගු රෝග ව්‍යාප්තිය ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසනවා.
එම ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශීලා සමරවීර මහත්මිය සදහන් කරන්නේ ඩෙංගු මදුරුවන් බෝ වීමේ සීඝ්‍රතාව ඉහළ ගොස් ඇති බවයි.
මෙම වසරේ ගත වූ කාලය තුළ ඩෙංගු රෝගීන් 40,392 ක් සහ මරණ 22ක් වාර්තා වී තිබේ.
ඒ අනුව පවතින තත්ත්වය හමුවේ ඩෙංගු මදුරු ව්‍යාප්තිය පාලනය සදහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බවයි ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශීලා සමරවීර මහත්මිය වැඩිදුරටත් සදහන් කරන්නේ.