දීපවාලි නිමිත්තෙන් යෙදුණු සතියක නිවාඩුව ඉලක්ක කරගනිමින් නුවරඑළිය ග්රැගරි වැව හතරවන අදියරයේ සංවිධානය කර තිබුණු ප්‍රසිද්ධ එළිමහල් සමාජ සාදයක් ඊයේ (18) උදෑසන සිට මධ්‍යම රාත්‍රිය දක්වා පැවැත්වූ භූමිය මුළුමනින්ම විනාශ වී ඇති බව නුවරඑළියේ පරිසර සංවිධාන වැඩි කනස්සල්ල ප්‍රකාශ කරයි.
නුවරඑළිය මහ නගර සභාවේ මහජන බදු මුදල් වලින් මිලියන ගණන් වියදම් කර සැකසූ සහ සේවකයන් දෛනිකව නඩත්තු කරන නුවරඑළියේ මහනගර සභාවට අයත් ග්‍රෙගරි වැවේ හතරවන අදියර පාරිසරික කලාපය මුළුමනින්ම විනාශ වී ඇති බවද පරිසරවේදීහු චෝදනා නගති.
ඉතාම අලංකාර ලෙස තනතිල්ල පිහිටා තිබුණු ප්‍රදේශය මුළුමනින්ම බියරටින් මධ්‍යසාර බෝතල් ප්ලාස්ටික් පොලිතින් සහ නොයෙකුත් අපද්‍රව්‍ය වලින්පිරි මුළුමනින්ම විනාශ වී ඇති පරිසරවේදීන් වැඩිදුරටත් පවසති.
කෝටි ගණනින් ලාභ උපයන සමාජ සාදය සඳහා නගර සභාව විනෝද බද්දක් පමණක් අයකර කිසිදු හෙවිල්ලක් බැලිල්ලක් නොමැතිව කොන්දේසියකින් තොරව නුවරඑළියේ පාරිසරික කලාප ලබාදීම තරයේ හෙලා දකිනන බවද ඔහුන් පවසති .
මෙම ගැටලුව පිළිබඳ මහනගර සභාවේ වගකිවයුතු බලධාරීන් කීපදෙනෙකුගෙන් අප සිදු කළ විමසීමකට ඔවුන් කියා සිටියේ මානගර සභාව විනෝද බද්දක් අයකරර මෙම ප්‍රදේශය අදාල සාදය සඳහා ලබා දී ඇති බවයි .
මෙම සාදයට සහභාගිවීමට පැමිණි වයස අවුරුදු 18 ත් 28ත් අතර තරුණ තරුණියන් 50ට ආසන්න දෙනෙකු මත්ද්‍රව්‍ය වර්ග රැසක් සන්තකයේ තබා ගැනීමේ වැරැද්ද වෙනුවෙන් ඊයේ දින නුවරඑළිය හා කොත්මලේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැර තිබීමද විශේෂත්වයකි .
(ආර්.එෆ්.එම්.සුහෙල් - නුවරඑළිය)