
රුපියල් එක් කෝටි අසූ ලක්ෂයක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් සහ භාවිතා කරන ලද ජංගම දුරකථන තොගයක් නීතිවිරෝධී ලෙස රැගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන පැමිණි චීන ජාතිකයන් 05 දෙනෙකු ගුවන් තොටුපොළ රේගු නිලධාරීහු පිරිසක් විසින් අද [17] අලුයම අත්අඩංගුවට ගෙන තිබේ .
මොවුන් ශ්රී ලංකාවේ සංචාරය සදහා පැමිණෙමින් සිටි චීන ජාතිකයන් පිරිසකි.
ඔවුන් අද දින අලුයම 12.10 ට චීනයේ ෂැංහයි නුවර සිට චයිනා ඊස්ටන් ගුවන් සේවයේ එම්.යූ.- 6017 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
එහිදී ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු තුළ චීනයේ නිෂ්පාදිත දුම්වැටි 99,400 ක් අඩංගු දුම්වැටි කාටූන් 497 ක් සහ චීනයේ භාවිතා කළ ජංගම දුරකථන 422 ක් සගවා ගෙන සිටියදී අත් අඩංගුවට ගෙන තිබේ .
ඒ සම්බන්දයෙන් මේ වනවිට කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් මොවුන් අත් අඩංගුවේ තබා ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලැබේ .