
මනුෂ්‍ය ඝාතනයට තැත් කිරීමේ අපරාධයකට අවශ්‍ය කර සිටි සැකකාරියක් ඇතුළු සිව් දෙනෙක් විශේෂ කාර්ය බලකා සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකයෙන් අඩංගුවට ගෙන තිබෙනවා.
පසුගිය 07 වන දින කළුතර දකුණ පොලිස් වසමේ නාගොඩ ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්ය බලකා සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය සහ කළුතර දිසා අපරාධ කොට්ඨාසය මඟින් විමර්ශන ආරම්භ කරණු ලැබුවා.
විමර්ශන නිලධාරින්ට ලද තොරතුරකට අනුව මෙම අපරාධයට සම්බන්ධ සැකකරුවෙකු ඊයේ (10) දින බලංගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබුවා. අත්අඩංගුවට ගත් මෙම සැකකරුගේ වයස අවුරුදු 24 ක් වන අතර කළුතර නාගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සැකකරු සම්බන්ධව සිදු කළ වැඩිදුර විමර්ශනයේදී තවත් අපරාධයන් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී තිබෙනවා. 2025 දෙසැම්බර් 31 දින නාගොඩ රෝහල තුලදී බන්ධනාගාර රැඳවියෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීම හා පසුගිය ජනවාරි 09 දින දෙහිවල පොලිස් වසමේදී හෝටලයක හිමිකරුවෙකු වෙඩි තබා ඝාතනය කිරීම යන සිද්ධීන් වලට සම්බන්ධ බව අනාවරණයවී තිබෙනවා. මේ අතර පසුගිය 07 වන දින කළුතර දකුණ පොලිස් වසමේ නාගොඩ ප්‍රදේශයේදී සිදුකළ වෙඩි තැබීමට ආධාර අනුබල දුන් සැකකරුවන් දෙදෙනෙකු සහ සැකකාරියක් ද කළුතර සහ බලංගොඩ ප්‍රදේශවලදී විමර්ශන නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත. එම සැකකරුවන් අවුරුදු 23 හා 24 යන වයස්වල පසුවන කළුතර ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර සැකකාරිය වයස අවුරුදු 23 ක් වන බොලොස්සගම ප්‍රදේශයේ පදිංචිකාරියකි. කළුතර දිසා අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරයි.