
ගාල්ල දංගෙදර ප්රදේශයේදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙකු වලාන දූෂණ මර්ධන ප්රහාරක ඒකකයෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය මැයි 12 වනදා ගාල්ල දංගෙදර ප්රදේශයේදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කළ අතර එම අපරාධය සම්බන්ධයෙන් ගාල්ල පොලිස් ස්ථානය මගින් සිදු කරනු ලබන විමර්ශනයට සමගාමීව වලාන දූෂණ මර්ධන ප්රහාරක ඒකකය මඟින් ද විමර්ශන සිදු කරනු ලබනවා. එහිදි අනාවරනය වූ තොරතුරු මත ඊයේ (23) වලාන දූෂණ මර්ධන ප්රහාරක ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම ඝාතනයට ආධාර අනුබල දුන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා. එක් සැකකරුවෙකු සන්තකයේ තිබී හෙරොයින් ග්රෑම් 12 මිලිග්රෑම් 260 ක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. එක් සැකකරුවකු ගිරාදුරුකෝට්ටේ පදිංචි අවුරුදු 24 ක් වයසැති තරුණයෙක් වන අතර අනෙක් සැකකරු 38 වන වියේ පසුවන මහව ප්රදේශයේ පදිංචිකරුවෙකි. වලාන දූෂණ මර්ධන ප්රහාරක ඒකකය මගින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.