
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ පළමු වසරේ සිසුන් දෙදෙනෙකු හෂීස් මත්ද්‍රව්‍ය හා විදේශීය දුම්වැටි 40 ක් සමඟ විශ්වවිද්‍යාලයේ විනය ආරක්ෂක නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන පේරාදෙණිය පොලීසියට බාරදෙනු ලැබ තිබේ.
විශ්වවිද්‍යාලීය මාකස් ප්‍රනාන්දු නේවාසිකාගාරය තුළදී අද (24) අලුයම මෙම සිසුන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔවුන් සතුව හෂීස් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 7530 ක් තිබූ බවයි එම විද්‍යාලයේ විනය ආරක්ෂක අංශය පවසන්නේ.
මෙම සැකකාර සිසුන් දෙදෙනා 23 හැවිරිදි වියේ පසුවන බවත් ඔවුන් කෝට්ටේ සහ මිහිරිගම පදිංචිකරුවන් බවත් පොලීසිය පවසනවා.
සිසුන් දෙදෙනා මත්ද්‍රව්‍ය භාවිතයට මෙන්ම විශ්වවිද්‍යාලය තුළ මත්ද්‍රව්‍ය විකිණීමට පෙළඹී තිබෙන බවට ලද තොරතුරත් මත විනයාරක්ෂක නිලධාරීන් කණ්ඩායමක් ඊයේ (24) මධ්‍යම රාත්‍රි 12.30 ට පමණ නේවාසිගාරය හදිසි පරීක්ෂාවකට ලක්කර තිබුණා.
එම අවස්ථාවේ එක් සිසුවෙකු සතුව හෂීස් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 3410 ක් ද අනෙක් සිසුවා සතුව හෂීස් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 4120 ක් සන්තයේ තිබී ඇතැයි වාර්තා වෙනවා.
එමෙන්ම, මෙම සිසුන් දෙදෙනා සතුව විදේශීය දුම්වැටි 20 බැගින් තිබූ බව වැටලීම කළ නිලධාරීන් පැවසූවා.
මෙයට පෙරද පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිදුවෙක් නේවාසිකාගාරයක් තුළදී මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගනු ගෙන තිබුණා.