
ලන්ඩනයේ දකුණු හැරෝ ප්රදේශයේදී මංකොල්ලයක් සිදු කොට පලායමින්
සිටි දෙමළ තරුණයින් තුන් දෙනෙකු ගමන් ගත් මෝටර් රථයක් ගසක
හැපීමෙන් සිදු වු අනතුරින් ඒ අතර සිටි ශ්රී ලාංකික දෙමළ තරුණයෙකු
මියගොස් තිබෙනවා.
මොටර් රථයේ සිටි අනෙක් දෙදෙනා ඉන්දීයානු දෙමළ තරුණයින් දෙදෙනෙකු
වන අතර ඔවුන් බරපතල ලෙස තුවාල ලබා රෝහල් ගත කොට ඇත.
මියගිය ශ්රි ලාංකික දෙමළ තරුණයා මීට වසර තුනකට ඉහත්දි මුලතිව්
ප්රදේශයේ සිට ලන්ඩනයට ගිය අයෙකු වන අතර ඔහු නවාතැන් ගෙන
ඇත්තේ අනතුරෙන් තුවාල ලබා සිටින ඉන්දීයානු දෙමළ තරුණයින් සමග
එකම නේවාසිකාගාරයකය.
මොවුන් තිදෙනා විසින් ඊයේ (23) අලුයම් කාලයේ ව්යාපාරික ආයතනයක්
කොල්ල කා මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී එම පලාතේ මහා මාර්ග
ගැන අවබෝධයක් නොමැතිකම නිසා මාර්ග නීති කඩ කරමින් විරුද්ධ දිශාවකට
ගමන් කොට තිබෙනවා.
මේ අවස්ථාවේදී හැරෝ පොලීසිය ඔවුන්ගේ මෝටර් රථයට නවතින ලෙස
සංඥා කොට ඇතත් එම අණ නොතකා ධාවනය කිරීම නිසා පොලිස් රථයක්
ඔවුන්ව ලුහුන් බැද තිබෙන අතර මේ අවස්ථාවේදී අධික වේගයෙන් මෝටර්
රථය ධාවනය කළ ශ්රී ලාංකිල දෙමළ තරුණයාට මාර්ගය ගැන නිසි අවබෝධයක්
නොමැති නිසාත් වාහනය පාලනය කර ගැනීමට නොහැකි වීම නිසාත් මෝටර්
රථය ගසක හැපී අනතුරට ලක් වුණා.
සිද්ධියෙන් ශ්රී ලාංකික තරුණයා එම ස්ථානයේදීම මියගොස් ඇති අතර
අනෙක් දෙදෙනා තුවාල ලබා හැරෝ රෝහලට ඇතුළත් කොට තිබෙනවා.
අනතුර සිදු වී පැයකට පමණ පසුව කොල්ලකෑමට ලක් වූ ව්යාපාරික ආයතනයේ
හිමිකරු පොලිස් ස්ථානයකට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් මෝටර් රථයකින් පැමිණි
තුන් දෙනෙකු තම ව්යාපාරික ස්ථානය කොල්ල්ල කා ඇති බවට පැමිණිල්ලක් ඉදිරිපත්
කොට ඇත.
ලන්ඩනයේ හැරෝ පොලීසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වා ගෙන යනු
ලබනවා.