
අයහපත් කාලගුණික තත්ත්වය නිසා බෝට්ටුවක් සමග යාපනයට ආසන්න මුහුදට ගසා ගෙන ආ තමිල්නාඩු ධීවරයෙකු යාපනයේ ඩෙල්ෆ්ට් ප්‍රදේශයේ උතුරේ ධීවරයින් විසින් බේරාගෙන තිබෙනවා. තමිල්නාඩුවේ රාමනාදන්පුරම් පදිංචි 56 හැවිරිදි කුමාර් නැමති මෙම ධීවරයා බේරාගැනීමෙන් පසුව ඔහුට කයිට්ස් පොලීසිය වෙත බාර දීමට ඩෙල්ෆ්ට් ධීවරයින් පිරිස පියවර ගෙන ඇත. පොලීසිය ඉන්දීය ධීවරයාගෙන් ප්‍රශ්න කරගෙන යන අතර පොලීසිය විසින් සිදුකළ පරීක්ෂණ වලදී හෙළි වී ඇත්තේ මෙම ධීවරයා තමිල්නාඩු ධීවර සංගමයේ හා අනෙකුත් අදාල දෙපාර්තමේන්තු වල ලියාපදිංචි ධීවරයෙකු බවයි. ඔහු සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම පිණිස පොලීසිය යාපනයේ පිහිටි නියෝජ්‍ය ඉන්දීය කොන්සෝල් ජනරාල් කාර්යාලය වෙත තොරතුරු ඉදිරිපත් කොට ඇති අතර ඉන්දීය ධීවරයා කයිට්ස් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා.