
මෙරට ලියාපදිංචි කිරීමට නොහැකි රුපියල් කෝටි 02 ට ආසන්න වටිනා
අධිබලැති යතුරුපැදි එකලස් කරමින් සිටි ගරාජ් හිමියෙකු අත්අඩංගුවට
ගත් බව පිළියන්දල පොලිසිය පවසනවා.
එම ස්ථානයේ එකලස් කර තිබූ එක් යතුරුපැදියක් රුපියල් ලක්ෂ 65 කට
ආසන්න වටිනාකමින් යුත් එකක් බව පොලිසිය සඳහන් කරනවා.
පිළියන්දල පොලිසියේ ස්ථානාධිපති චමින්ද කුලසිංහ මහතාට ලද
තොරතුරකට අනුව ප්රජා .පොලිස් ඒකකයේ නිලධාරීන් ඊයේ (12) සවස
පිළියන්දල විකල්ප මාර්ගයේ ගරාජයක් වටලා මෙම යතුරුපැදි 5 ක් සමග
ගරාජයේ හිමිකරු අත්අඩංගුවට ගනු ලැබු බව සඳහන්.
අත්අඩංගුවට ගත් සැකකාර ගරාජ හිමියාගෙන් සිදුකළ ප්රශ්න කිරීමේදී
පුද්ගලයන් සිව් දෙනෙකු මෙම යතුරුපැදි කොටස් තමන් වෙත ගෙනවිත්
දුන් බවත් ඒවා එකලස් කිරීම පමණක් සිදුකළ බවත් ප්රකාශ කොට ඇති
අතර ඒ අනුව වැඩිදුර විමර්ශන සිදු කරන බව පොලිසිය ප්රකාශ කළා.