
පසුගිය ජාත්‍යන්තර පාපන්දු තරග විවේකයේදී ඉන්දියාව විසින් බ්‍රසීලය සහ උරුගුවේ කණ්ඩායම් සමග තරග 2 ක් ක්‍රීඩා කළ අතර මේ වන විට වාර්තා වන අන්දමට ඔවුන්ට එම කණ්ඩායම් දෙක වෙනුවෙන් පොරොන්දු වූ මුදල ගෙවීමට නොහැකි වීම නිසා ඉන්දීය පාපන්දු සම්මේලනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට බ්‍රසීලය සහ උරුගුවේ පාපන්දු සම්මේලනයන් ද්විත්වය සූදානම් වන බවට ජාත්‍යන්තර මාධ්‍යය වාර්තා කර තිබුණා.
බ්‍රසීලයට මෙම තරගය වෙනුවෙන් ඩොලර් මිලියන 1.9 ක් හෙවත් ඉන්දියන් රුපියල් කෝටි 19 ක්, උරුගුවේට ඉන්දියන් රුපියල් කෝටි 4.7 ක් ගෙවීමට ඉන්දියාව පොරොන්දු වී තිබුණා.
අනුග්රාහකයන්ගෙන් සහ ටිකට්පත් විකිණීමෙන් එම මුදල ලබා ගැනීමට ඉන්දියාව බලාපොරොත්තු සහිතව බලා සිටියත් ඔවුන්ට එය ලබා ගැනීමට නොහැකි වී තිබෙනවා.