
කුවේට්හි විදුලි බලාගාර සහ මුහුදු ජලය පානීය ජලය බවට පත් කරන
ජල පිරිපහදු කර්මාන්තශාලා වලට නැවතත් ඉරානයෙන් ප්‍රහාර එල්ල වූ
බව කුවේට් රාජ්‍ය බලධාරීන් පවසනවා.
කුවේට්හි විදුලි, ජල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය සඳහන්
කළේ මෙය අඛණ්ඩව සිදු වූ සිව්වන ප්‍රහාරය බවයි.
මෙම ප්‍රහාර හේතුවෙන් ස්ථාන කිහිපයක ගිනි ගැනීම් ඇති වූ අතර, හදිසි
සේවා කණ්ඩායම්, ගිනි නිවීමේ අංශ සහ ආරක්ෂක අංශ එක්ව ඒවා සාර්ථකව
මැඩපවත්වා ඇත.
උපකරණ හා විදුලි සහ ජල පද්ධති ආරක්ෂා කිරීමේ අරමුණින් විදුලි උත්පාදන
ඒකක කිහිපයක් තාවකාලිකව සේවයෙන් ඉවත් කර ඇති බව ද අමාත්‍යාංශය
සඳහන් කළා.
අලුත්වැඩියා කටයුතු ද අඛණ්ඩව ක්‍රියාත්මක වෙමින් පවතින බව සඳහන්.
මෙම ප්‍රහාර හේතුවෙන් කුවේට්හි විදුලි හා පානීය ජල සැපයුමට ඇති විය
හැකි බලපෑම් පිළිබඳව බලධාරීන් සමීපව අධ්‍යයන කරමින් සිටි.