
ඉරානයේ නගර 9 කට සහ වෙරළබඩ ප්‍රදේශ කිහිපයකට අමරිකාව
ගුවන් ප්‍රහාර එල්ලකොට තිබෙනවා.
ඊයේ මධ්‍යම රාත්‍රි කාලයේ මෙම ප්‍රහාර එල්ලවු බව ඉරාන කම්කරු
පුවත් ඒජන්සිය (ILNA) වාර්තා කරනවා.
ඉරානයේ අබ්දානාන් (Abdanan), බන්දාර් අබ්බාස් (Bandar Abbas),
බන්දාර් ලෙන්ගේහ් (Bandar Lengeh), බුෂෙහර් (Bushehr), චාබහාර්
(Chabahar), කෙෂ්ම් දූපත (Qeshm Island), සිරික් (Sirik), ශිරාස්
(Shiraz) සහ කොනාරක් (Konarak) යන නගර අමරිකානු ප්‍රහාරවල
ඉලක්කවි තිබෙනවා.
මේ අතර, ඇමරිකානු මධ්‍යම අණදෙන මුලස්ථානය (CENTCOM)
සිය X ගිණුම ඔස්සේ සඳහන් කළේ, ඉරාන හමුදා අණ මධ්‍යස්ථාන,
නාවික හමුදා පහසුකම්, මිසයිල හා ඩ්‍රෝන යානා දියත් කිරීමේ
මධ්‍යස්ථාන සහ ගුවන් ආරක්ෂක පද්ධති මෙම ප්‍රහාරවල ඉලක්ක වූ
බවයි.

මෑතකදී ජෝර්දානයේ සෙබළුන් දෙදෙනෙකු සහ ඉරාකයේ සෙබළෙකු මියයාමේ සිද්ධියට ප්‍රතිචාර ලෙස ඉරානයට දැඩි ප්‍රහාර එල්ල කළ බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මීට පෙර ප්‍රකාශ කළා. ඔහු සඳහන් කළේ, පෙර දින රාත්‍රියේ ඉරානය දැඩි ලෙස ප්‍රහාරයට ලක්වූයේ එම සෙබළුන්ට ගෞරවයක් වශයෙන් බවයි.