
රත්නපුර පවුල් 84ක් ආරක්ෂිත ස්ථානවල
පවතින වැසි සමග මස්කෙළිය ගාඩ්මෝර් ප්‍රදේශයේ වතුයායක නාය යෑමක් සක්‍රීයවී තිබෙනවා.
එමෙන්ම රත්නපුර ප්‍රදේශ කිහිපයක නාය යෑමේ අවදානම හේතුවෙන් ග්‍රාම සේවා වසම් 10ක පවුල් 84ක පිරිස් ආරක්ෂිත ස්ථානවෙත යොමු කොට ඇත.
මස්කෙළිය පොලිස් වසමට අයත් ගාඩ්මෝර් ප්‍රදේශයේ ගල් කන්ද වතුයායේ සිදුවූ නායයෑමක් හේතුවෙන් වතු නිවාස පෙළක පදිංචිකරුවන් වහාම ක්‍රියාත්මක වන පරිදි ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා.
ප්‍රදේශයට ඇදහැලුණු අධික වර්ෂාපතනයත් සමඟ මෙම තේ වත්තේ විශාල කොටසක් මෙලෙස නායගොස් ඇති අතර, ඒ සමගම වතුයායට පිවිසෙන ප්‍රධාන මාර්ගය ද සම්පූර්ණයෙන්ම පස් සහ ගල්වලට යටවී ඇත.
මේ අතර නාය යෑමේ අවදානම හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම සේවා වසම් 10ක පවුල් 84ක පුද්ගලයින් 283 ක් ඥාති නිවාසවල රැදී සිටින අතර, රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ හපුගස්තැන්න ග්‍රාම සේවා වසමේ පවුල් 03 ක පුද්ගලයින් 09 දෙනෙකු තාවකාලිකව වේවැල්කැටිය ප්‍රජා ශාලාවේ ආරක්ෂිත කඳවුර වෙත යොමු කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.