
ශ්රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්රිකට් තරගාවලියේ දෙවැනි සහ අවසන් තරගය අද (17) පාකිස්තානයේ රාවල්පිණ්ඩි ක්රිකට් ක්රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.
තරගය ශ්රී ලංකා වේලාවෙන් පෙරවරු 10.00ට ආරම්භ වීමට නියමිත අතර, කාසියේ වාසිය උරගා බැලීම පෙරවරු 9.30ට සිදුකිරීමට සැලසුම් කර තිබෙනවා.
මෙම තරගාවලියේ පළමු ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් වූ බැවින් අද ආරම්භ වන තරගය ජයගන්නා කණ්ඩායමට තරගාවලියේ ජයග්රහණය හිමිවනු ඇති.
පළමු තරගයේදී පාකිස්තානය සිය පළමු ඉනිමට කඩුලු 9ක් දැවී ලකුණු 434ක් රැස්කර ඉනිම අත්හිටුවූ අතර, ඊට පිළිතුරු ලෙස ශ්රී ලංකාව ලකුණු 446ක් රැස් කළා.
පාකිස්තානය දෙවැනි ඉනිමේදී කඩුලු 8ක් දැවී ලකුණු 284ක් රැස්කර සිටියදී තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුණා.
මේ අතර, දෙවැනි ටෙස්ට් තරගය මුලින් ලාහෝර් නුවර පැවැත්වීමට සැලසුම් කර තිබුණද, එම ප්රදේශයේ පවතින දැඩි වායු දූෂණය සහ දුමාර තත්ත්වය හේතුවෙන් තරගය රාවල්පිණ්ඩි ක්රීඩාංගණයට මාරු කිරීමට පාකිස්තාන ක්රිකට් පාලක මණ්ඩලය පියවර ගෙන තිබෙනවා.