ලාංකේය සිනමා රසිකත්වයට නුදුරේදීම පිදෙන වෙනස්ම වූ සිනමා අත්දැකීමකි, 'මීදුම තරණය'
බාලදක්ෂ ව්‍යාපාරය කේන්ද්‍ර කරගත් නිර්මාණයක් වන මෙය, ප්‍රවීණ අධ්යක්ෂ ලක්ෂ්මන් පුෂ්පකුමාරගේ කුලුඳුල් සිනමා නිර්මාණයයි.
සරත් ආර් ගුණසේකරගේ නිෂ්පාදනයක් වන මීදුම තරණය, සුජිත් නිශාන්තගේ කැමරාකරණයෙන් සහ නලින් ප්‍රේමතිලකගේ අංග රචනයෙන් හැඩවනු ඇති.
මෙහි තිරය සරසන්නේ චුලක්ෂි රණතුංග, සනත් ගුණතිලක, චමීර ලියනගේ, නදීෂා හේමමාලි, සංජය වෙද ආරච්චි, ලක්රුවන් ලොකුහපුආරච්චි සමඟ ළමා නළු නිළියන් රැසකි.
චිත්‍රපටයේ කතා තේමාව පිළිබඳව අධ්යක්ෂ ලක්ෂ්මන් පුෂ්පකුමාර කලකට ඉහත දක්වන ලද අදහස් කිහිපයකි මේ....
''මේ කතාව ගොඩනැඟෙන්නෙ බාලදක්ෂ ව්‍යාපාරය කේන්ද්‍ර කරගෙන. ලෝකයේ පවා බාලදක්ෂ ව්‍යාපාරය ඇසුරෙන් සිනමාපට නිර්මාණය වෙනවා ඉතා විරලයි. මම ජනාධිපති සම්මාන ලබපු බාලදක්ෂයෙක්. මට අවශ්‍ය වුණා මේ ළමයි කේන්ද්‍ර කරගෙන සිනමාපටයක් නිර්මාණය කරන්න. ඔවුන් ගැටලුවලට මුහුණදෙන ආකාරය ඒවා සමඟ තම වැඩ කටයුතු කරගෙන යන ආකාරය, මට සිනමාවට ගෙන ඒමට අවශ්‍ය වුණා.
මෙහි තිරපිටපත රචනා කළේ සෙනලි ගයාරා, සෙනත් සවිරු නිසුමි සඳකිණි කියන දරුවන් තිදෙනා.
මෙම කතාවෙහි එන ළමයි ඉදල්ගස්හින්නෙන් බැහැලා ඔහිය හරහා ලෝකාන්තය බලන්න යන ගමනක කතාවක් තමයි මේ සිනමාපටයට පාදක වෙන්නෙ.
මේ ළමයි දෘශ්‍යමාන සහ අදෘශ්‍යමාන බලවේගවලට මුහුණදෙන අයුරු සහ එම බාධක මඟහරින අයුරු තමයි මෙම කතාවෙ අන්තර්ගත වෙන්නෙ. මේ දරුවන්ට අද්භූත මායාකාරියක් මුණගැසෙනවා. ඇය මොවුන් සිර කරගෙන සිටිනවා.
අවසානයේ මේ දරුවො මොන වගේ ඉරණමකට මුහුණ දෙයිද කියන චකිතය මුළු කතාව පුරාවටම තිබෙනවා. මේක තනිකරම බාලදක්ෂ ව්‍යාපාරය ඇසුරින් නිර්මාණය වුණු සිනමාපටයක්. මේක ආශ්වාදජනක සිනමාපටයක්...''
''ලංකාවේ වෙනත් සිනමාපටයක නැති පරිසරයක් තෝරාගන්න තමයි මට වුවමනා වුණේ. ඉදල්ගස්හින්න කියන පෙදෙසෙන් ඇතුළට ගියහම හමුවන බඹරකන්ද දිය ඇල්ලෙත් මුදුන වන ලංකා ඇල්ල කියන කවුරුත් වැඩිය නොගිය තැනක් තමයි මම මේ නිර්මාණයට යොදා ගත්තෙ.''
උපුටාගැනීම් : හදගැස්ම