
ලෝක වෙළඳ පොලේ බොරතෙල් මිල යලිත් වරක් අමෙරිකානු ඩොලර් 100 ඉක්මවා ගොස් තිබෙනවා. එක්සත් ජනපද ඉරාන ඉස්ලාමාබාද් සකච්ඡා අසාර්ථක වීමත් ඒ සමගම් ඉරානයේ වරායන් අවහිර කිරීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නියෝග කිරීමත් සමඟ ලෝක වෙළඳ පොලේ බොර තෙල් මිල මෙලෙස යලි ඉහල යෑමට පටන් ගෙන ඇති බව වෙළඳ පොල විශ්ලේෂකය්න්ගේ මතයයි. ඒ අනුව WTI බොර තෙල් බැරලයක් ඇමරිකානු ඩොලර් 104 දක්වාත් බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 102 දක්වාත් ඉහල ගොස් තිබෙනවා. මේ අනුව බොර තෙල් මිල 7% ත් 9% ත් අතර සීමාව තුල ඉහල ගොස් ඇත. මිට අමතරව ඔපෙක් වෙළඳ පොලේ බොර තෙල් බැරලයක් ඇමරිකානු ඩොලර් 107 ක් ලෙස දවස ආරම්බයේදි සටහන්වී තිබුණා.