
මත්පැන් හලක් අසල ඇති වූ ආරවුලක් හේතුවෙන් පුද්ගලයෙකු ඝාතනය
කොට තිබෙනවා.
ඊයේ (12) රාත්රී මතුරට පොලිස් වසමේ මානකොළ ප්රදේශයේ මත්පැන්
හලක් අසල ඇති වූ ආරවුලක් හේතුවෙන් පුද්ගලයෙකු තුවාල ලබා
රිකිල්ලගස්කඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවට
මතුරට පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කරනු
ලැබුවා.
මත්පැන් හලක් අසලදි මිය ගිය පුද්ගලයා හා තවත් පුද්ගලයෙකු සමඟ
ඇති වූ පුද්ගලික ආරවුලක් හේතුවෙන් අනෙක් පුද්ගලයා විසින් මිය
තැනැත්තාට පටියකින් පහරදීමෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවට
දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත.
ඝාතනයට ලක්වු තැනැත්තා අවුරුදු 38 ක් වූ ඒළමුල්ල, මානකොළ ප්රදේශයේ
පදිංචිකරුවෙක් බව පොලිසිය පවසනවා.
ඝාතනයට සම්බන්ධ සැකකරු වයස අවුරුදු 31 ක් වන ඒළමුල්ල ප්රදේශයේ
පදිංචිකරුවෙකු වන අතර ඔහු මේවන විට අත්අඩංගුවට ගෙන ඇත.
මතුරට පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.