
සිංහල සහ දෙමළ අලුත් අවුරුදු චාරිත්‍ර වලට එක් වෙමින් දිට්වා සුළි කුණාටුවෙන් විනාශ වූ අනුරාධපුර ගල්නැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මල්බෙලිගල ග්‍රාම නිලධාරී වසමේ එච්. එම්. ඉන්ද්‍රජිත් සම්පත් සේනාරත්න මහතාගේ නව නිවසට ගෙවැදීමේ සහ අලුත් අවුරුදු සැමරුමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (14) පෙරවරුවේ එක් වුණා. පුර්ණ හානියට පත් නිවාස වලට ලබා දුන් වන්දි යටතේ මාස පහක කාලයක් තුළ මෙම නිවස ඉදිව තිබෙන අතර එය පූර්ණ හානියට පත් නිවාස වෙනුවෙන් ගලල්නෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ ඉදි වන නව නිවාස හයෙන් එකකි. ප්‍රදේශයේ ජනතාව සමඟ එක්ව නව නිවසේ අලුත් අවුරුදු චාරිත්‍ර වලට එක් වූ ජනාධිපතිවරයා එම සියලු ජනතාවට සිංහල සහ දෙමළ අලුත් අවුරුදු සුබ පැතුම් එක් කළා. එමෙන්ම ජනාධිපතිවරයාව මහත් හරසරින් පිළිගත් ප්‍රදේශ වාසීහු ජනාධිපතිවරයා වෙතද අලුත් අවුරුදු සුබ පැතුම් එක් කරනු ලැබුවා. කෘෂිකර්ම, පශු සම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී.ලාල්කාන්ත, වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතා අමාත්‍ය වසන්ත සමරසිංහ, නිවාස ඉදිකිරීම් හා ජල කලමනා කරණ අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ, උතුරු මැද පළාත් ආණ්ඩුකාර වසන්ත ජිනදාස, අනුරාධපුර දිස්ත්‍රින් පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්තකුමාර නවරත්න යන මහත්වරු ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුද පළාත් පාලනය ආයතන ප්‍රධානීහු ඇතුළු මහජන නියෝජිතයෝද අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීහුද සේනාරත්න මහතාගේ පවුලේ ඥාතීහු ඇතුළු ප්‍රදේශවාසීහුද මෙම අවස්ථාවට එක්ව සිටියා.