
නැගෙනහිර සහ වයඹ මුහුදු හා වෙරළ කලාප ආවරණය කරමින් සිදුකළ විශේෂ මෙහෙයුම්වලදී නීති විරෝධී ධීවර කටයුතුවල නිරත වූ හා මත්ද්රව්ය ජාවාරමට සම්බන්ධ බවට සැක කෙරෙන පුද්ගලයන් පිරිසක් අත් අඩංගුවට ගෙන තිබෙනවා.
පසුගිය දෙවනදා සිට ඊයේ (17) දක්වා කාලය තුල ත්රිකුණාමලය ෆවුල් පොයින්ට්, ලංකාපටුන, නයාරු, තුඩුව, කදිරවේලි, මාර්බල් බීච්, ඉරක්කන්ඩි, පුදුමාතලන්, යාපනයේ චුන්ඩිකුලම්, කඩ්ඩයිකාඩු, වෙත්තලකේණි සහ කෝවිලන් මෙන්ම පුත්තලම මොහොත්තුවාරම හා කල්ලාරු යන වෙරළ සහ මුහුදු ප්රදේශ ආශ්රිතව මෙම මෙහෙයුම් සිදුකරනු ලැබුවා.
මෙහිදි නීති විරෝධී ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයන් 50 දෙනකු සහ මත්ද්රව්ය ජාවාරමට සම්බන්ධ බවට සැක කෙරෙන පුද්ගලයන් පස් දෙනකු ඇතුළු සැකකරුවන් 55 දෙනකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසනවා.
මෙම මෙහෙයුම්වලදී නීති විරෝධී ධීවර කටයුතු සඳහා යොදාගත් ඩිංගි යාත්රා 33ක් සහ කැනෝයි යාත්රාවක් ද නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
මීට අමතරව, මත්ද්රව්ය ජාවාරමට සම්බන්ධ බවට සැක කෙරෙන පුද්ගලයන් පස් දෙනකු සමඟ බහුදින ධීවර යාත්රාවක් ද අත්අඩංගුවට ගෙන ඇත.
එම මෙහෙයුම්වලදී අත්අඩංගුවට ගත් සැකකරුවන්, ධීවර යාත්රා සහ තහනම් ධීවර ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා ත්රිකුණාමලය, මුලතිව්, මූතූර්, කුච්චවේලි, වාකරේ, කොඩ්බේ, යාපනය, මයිලඩි සහ පුත්තලම යන ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු කාර්යාල වෙත භාරදීමට කටයුතු කළ බව නාවික හමුදාව පවසනවා.
මේ අතර, ඔක්තෝබර් 13 වැනිදා දකුණු මුහුදු ප්රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී මත්ද්රව්ය ජාවාරමේ නිරත වූ බවට සැක කෙරෙන පුද්ගලයන් පස් දෙනකු සමඟ බහුදින ධීවර යාත්රාවක් නාවික හමුදා භාරයට ගෙන තිබේ. එම සැකකරුවන් සහ යාත්රාව වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්රව්ය නාශක කාර්යාංශය වෙත භාරදීමට කටයුතු කර ඇත.