
පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර ස්ථවීරයන්ගේ නිදහස පතා සත්යග්රහයේ නිරතව සිටින බලංගොඩ කස්සප හිමියන්ට පහරදීමේ මිලේච්ඡ ක්රියාව එක්සත් ජාතික පක්ෂය තරයේ හෙළා දකී.
බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් කැප වී සිවුර දරන කස්සප හිමියන්ට පහරදීම මගින් පිළිබිඹු කෙරෙන්නේ මාලිමා රජය යටතේ ක්රියාත්මක වන අබෞද්ධකරන ක්රියාදාමයේ තවත් දැඩි පියවරකි.
වත්මන් රජය බලයට පත් වූ දිනයේ සිටම බුද්ධ ශාසනයට සහ බුද්ධාගමට දිගින් දිගටම කෙනෙහිලිකම් සිදුකෙරුනු බව අමුතුවෙන් කිව යුතු නැත.
බෞද්ධාගම ආරක්ෂා කරන භික්ෂූන් වහන්සේලාට පහරදීමේ, කරදර කිරීමේ සහ අපහාස කිරීමේ ප්රතිඵල ලෙස මාලිමා ආණ්ඩුව දුර ගමනක් නොයන බව අපි යළිඳු අවධාරණය කර සිටිමු.
එසේම පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් කුමන හෝ තීරණයක් ගැනීමේ බලතල හිමිවන්නේ උන්වහන්සේ අයත් කෝට්ටේ ශ්රී කල්යාණි සාමග්රී ධර්ම මහා සංඝ සභාවට සහ එහි මහනායක අති පූජ්ය ඉත්තෑපානේ ධම්මාලංකාර නායක හිමියන්ට පමණි.
එනමුත් ජනාධිපති මල්වතු සහ අස්ගිරි පාර්ශවයන්හී මහනායක හිමිවරුන්ගේ නියෝජිතයන් හමුවී සාකච්ඡා කළ ද, මේ ගැටළුවට කෙළින්ම සම්බන්ධ කෝට්ටේ සංඝ සභාවට ඒ සඳහා කිසිදු ආරාධනාවක් නොකෙරිණි.
කෝට්ටේ පාර්ශවය සමඟ සාකච්ඡා නොකර විසඳුම් සෙවීමේ උත්සාහයෙන් පෙනී යන්නේ ප්රශ්නය නිරාකරණය කිරීමට රජයට කිසිඳු උවමනාවක් නැති බවය.
ජනාධිපතිවරයා සමග පැවැති සාකච්ඡාවට කෝට්ටේ සංඝ සභාවට ආරාධනා නොකළේ පැලවත්තේ නියෝග මතද?
ශ්රී ලංකාවේ බන්ධනාගාර පාලනය සහ පරිපාලනය සිදුවන්නේ 1877 අංක 16 දරන බන්ධනාගාර ආඥා පනත (Prisons Ordinance No. 16 of 1877) සහ ඊට අදාළව නිකුත් කර ඇති බන්ධනාගාර රෙගුලාසි (Prisons Rules) යටතේය.
එසේ තිබියදී ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීම මඟින් ඉහත බන්ධනාගාර රෙගුලාසි මෙන්ම බෞද්ධ විනය පිටකය ද නිරනුකම්පිත ලෙස උල්ලංඝණය කර ඇත.
මේ නීති විරෝධී ක්රියාව මඟින් ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 9 වැනි වගන්තිය ද බරපතල ලෙස උල්ලංඝණය වෙයි.
හිටපු බන්ධනාගාර ඇමතිනී නීතිඥ තලතා අතුකෝරල මහත්මිය ක්රියා කළ ආකාරයට සිරගතව සිටියදී ගලගොඩඅත්තේ ඥානසාර ස්ථවීරයන්ට සිවුර දරා සිටීමට වත්මන් අධිකරණ ඇමති හර්ෂණ නානායක්කාර මහතා ක්රියා නොකළේ මන්ද?
එබැවින් බන්ධනාගාර කොමසාරිස්වරයා ඇතුළු නිලධාරීන් මල්වතු-අස්ගිරි මහනායක හිමිවරුන් හමුවට යැවීම වෙනුවට, බන්ධනාගාර රෙගුලාසි බරපතල ලෙස උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් රජය නිලධාරීන්ට එරෙහිව පළමුව ක්රියාමාර්ග ගත යුතුය.
විශේෂයෙන්ම බන්ධනාගාර කොමසාරිස්වරයා මහා නාහිමිවරුන් බැහැ දැකීම නිලධාරීන්ගේ තීරණයක්ද නැතහොත් පිටින් කෙරුණු බලපෑම මත සිදුවූවක්ද යන්න පිළිබඳව විමර්ශනය කළ යුතුව පවතී.
ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව හරහා ද පරීක්ෂණයක් කළ යුතුය.