
ලංකා ගමනාගමන මණ්ඩලය සඳහා බස් රථ 600 ක් ඉදිරියේදී මෙරටට ආනයනය කිරීමට නියමිත බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය පවසනවා.
ඒ අනුව, අධිවේගී මාර්ගවල ධාවනය කරන සුඛෝපභෝගී බස් රථ 200 ක් සහ සාමාන්‍ය මාර්ගවල ධාවනය කෙරෙන බස් රථ 400 ක් ඒ අතරට ඇතුළත් බවයි සඳහන් වෙන්නේ.
එම බස් රථ දෙසැම්බර් මාසය වන විට මෙරටට ලැබෙනු ඇති බවට අපේක්ෂා කරන බව ද ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කළා.
මේ වන විට මිලදී ගෙන ඇති නව මෙට්‍රෝ බස් රථ 104 ක් අගෝස්තු මස 15 වැනිදා වන විට දිවයිනට ලැබෙනු ඇති බවත්, එම බස් රථවලට කාඩ්පත් මඟින් ගෙවීම් සිදු කිරීමේ පද්ධති සකස් කිරීමෙන් අනතුරුව, සැප්තැම්බර් මස 20 වැනිදාට පෙර ඒවා ධාවනයට යොමු කරන බවයි වැඩිදුරටත් දැක්වෙන්නේ.