
ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධනට කීර්තිමත් නාලන්දා කීර්ති ශ්‍රී ගෞරව නාමය පිරිනමා තිබෙනවා.
ඒ, ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් ඔහු කළ සුවිශේෂී දායකත්වය සහ දිගුකාලීන සේවය අගයමින්.
මහේල ජයවර්ධනගේ ක්‍රිකට් දිවියේ විශිෂ්ටත්වය, නායකත්වය සහ ඔහු අධ්‍යාපනය ලැබූ කොළඹ නාලන්දා විද්‍යාලයට ජාත්‍යන්තර කීර්තියක් ගෙන ඒම වෙනුවෙන් කළ දායකත්වය මෙහිදී ඇගයීමට ලක්ව තිබෙනවා.
ශ්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස සැලකෙන මහේල ජයවර්ධන ටෙස්ට් තරග 149කට සහ එක්දින ජාත්‍යන්තර තරග 448කට ක්‍රීඩා කර තිබෙනවා.
එමෙන්ම, සියලුම ජාත්‍යන්තර ක්‍රිකට් තරග ආකෘති තුළ ලකුණු 25,000කට අධික සංඛ්‍යාවක් රැස්කරගෙන ඇති ඔහු ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ නායකත්වය ද දරා තිබෙනවා.
ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමෙන් පසුව ද පුහුණුකාරිත්වය, උපදේශකත්වය ඇතුළු විවිධ වගකීම් ඔස්සේ ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් ඔහු සිය දායකත්වය ලබාදෙමින් සිටිනවා.
නාලන්දා කීර්ති ශ්‍රී ගෞරව නාමය පිරිනැමෙන්නේ නාලන්දා විද්‍යාලයට කීර්තියක් සහ ගෞරවයක් අත්කර දුන් සුවිශේෂී ජයග්‍රහණ හිමිකරගත් පුද්ගලයන් ඇගයීම සඳහායි.