ඉන්දියාවේ පැවැත්වෙන ලෝක මලල ක්රීඩා මහාද්වීපික තරඟාවලියේදී ශ්රී ලංකාවේ රුමේෂ් තරංග පතිරගේ විසින් හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් නව ජාතික වාර්තාවක් පිහිටුවීමට සමත් වී තිබෙනවා.
ඒ අනුව, ඔහු මීටර් 86.5ක දක්ෂතාවක් දක්වමින් මෙම නව වාර්තාව පිහිටුවා ඇති අතර, මීට පෙර පැවති මීටර් 85.78ක වාර්තාව අභිබවා යෑමට ඔහුට හැකි වී තිබෙනවා.
ඒ හේතුවෙන් මෙම වසරේ සැප්තැම්බර් මස ජපානයේ පැවැත්වෙන ලෝක ශූරතාව මලල ක්රීඩා ශූරතාවලියටද ඔහු ඍජුව සුදුසුකම් ලබාගත්තේය.