
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය (SLC) විසින් ජාතික මට්ටමේ පන්දු යැවීමේ සහ පන්දු රැකීමේ පුහුණුකරු තනතුරු සඳහා නව පත්වීම් දෙකක් සිදු කර තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම ආයතනය සඳහන් කරන්නේ, ජාතික පන්දු යැවීමේ පුහුණුකරු ලෙස රයන් වැන් නයිකර්ක් (Ryan van Niekerk) පත් කළ බවයි.
ඔහු ශ්‍රී ලංකාවේ ජාතික පිරිමි කණ්ඩායම ඇතුළු සියලුම ජාතික කණ්ඩායම්වල වේග පන්දු යැවීමේ අංශය අධීක්ෂණය කරනු ඇති අතර, 2023 සිට 2026 දක්වා කාලය තුළ නෙදර්ලන්ත ජාතික කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙසත්, අතුරු ප්‍රධාන පුහුණුකරු ලෙසත් ඔහු කටයුතු කර තිබෙනවා.
එමෙන්ම, 2023 එක්දින ලෝක කුසලානය, 2024 සහ 2026 විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිවලදී නෙදර්ලන්ත කණ්ඩායමට සිය දායකත්වය ලබා දුන් බවයි එම නිවේදනයේ සඳහන්.
තවද, ජාතික පන්දු රැකීමේ සහ දඟ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස ජෝර්දාන් ග්‍රෙගරි (Jordan Gregory) පත් කර ඇති අතර, ඔහු ජාතික මට්ටමේ සියලුම කණ්ඩායම්වල පන්දු රැකීම සහ දඟ පන්දු යැවීම පිළිබඳ වගකීම දරනු ලබනවා.
නෙදර්ලන්ත ක්‍රිකට් ආයතනයේ පන්දු රැකීමේ උපදේශකයෙකු ලෙස කටයුතු කර ඇති මොහු, 2023 විස්සයි-20 ලෝක කුසලානය ඇතුළු තරගාවලි කිහිපයකට දායක වී තිබෙනවා.