
පාකිස්තාන - ශ්රී ලංකා පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය නිමා වෙයි - ශ්රී ලංකාව ලකුණු 320ක් පසුපසින්සංචාරක ශ්රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර රාවල්පිණ්ඩි හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්රිකට් තරගයේ දෙවැනි දිනය (10) නිමා වන විට සිය පළමු ඉනිම ක්රීඩා කරන ශ්රී ලංකා කණ්ඩායම කඩුලු 03ක් දැවී ලකුණු 114ක් රැස්කරගෙන සිටියා.
ඒ අනුව, ශ්රී ලංකා කණ්ඩායම පාකිස්ථාන පළමු ඉනිමට වඩා තවත් ලකුණු 320ක් පසු පසින් සිටිනවා.
කාසියේ වාසිය දිනූ ශ්රී ලංකා කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම කඩුලු 09ක් දැවී ලකුණු 434ක් ලබා ගත්තා.
පාකිස්තාන ඉනිම වෙනුවෙන් සෞද් ශකීල් ලකුණු 93ක් සහ අරෆත් මින්හාස් ලකුණු 52ක් රැස් කළා.
පන්දු යැවීමේදී ශ්රී ලංකාව වෙනුවෙන් අසිත ප්රනාන්දු (3/107) සහ දිල්ෂාන් මධුශංක (3/108) ලෙසින් දවාගත්තා.
අනතුරුව පිළිතුරු පළමු ඉනිම ආරම්භ කළ ශ්රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ලහිරු උදාර ලකුණු 42ක් රැස්කරගෙන සිටියදී දැවී ගියා.
දිනය නිමා වන විට නොදැවී කඩුල්ලේ රැඳී සිටි කමිඳු මෙන්ඩිස් ලකුණු 40ක් ලබා සිටියා.
පන්දු යැවීමේදී පාකිස්ථානය වෙනුවෙන් සකීබ් ඛාන් ලකුණු 54කට කඩුලු 02ක් සහ මොහොමඩ් අබ්බාස් ලකුණු 23කට එක් කඩුල්ලක් දවාගැනීමට සමත් වුණා.