
මෝටර් රථ මිලදී ගැනීමේදී ලබා දෙන ණය පහසුකම්වල සිදුකර ඇති සංශෝධනයන් හමුවේ වාහන ආනයනයේ සහ අලෙවියේ පහතයෑමක් සිදුවිය හැකි බව වාහන ආනයනකරුවන් පවසනවා.
එසේම, පවතින තත්ත්වය හමුවේ වාහන මිල ඉහළ යාමේ අවදානමක් ද පවතින බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වය සුරැකීම සහ අවදානම් කළමනාකරණය කිරීමේ අරමුණින් මෙලෙස මෝටර් රථ සඳහා ලබාදෙන ණය සීමාවන් අද (25) සිට දැඩි කිරීමටයි මහ බැංකුව පියවර ගැනුණේ.
ඒ අනුව, මෙරට ලියාපදිංචිය සිදුකිරීමෙන් පසු වසරකට වඩා වැඩි කාලයක් භාවිත කළ වාහන සඳහා ලබාදුන් ණය පහසුකම, නව සංශෝධනය අනුව සියයට 60 ක් දක්වා අඩු කර තිබෙනවා.
එමෙන්ම අති නවීන වාහන සහ මෙරට ලියාපදිංචිය සිදුවීමෙන් පසු මෙරට තුළ වසරකට වඩා අඩු කාලයක් භාවිත කළ වාහන සඳහා ලබාදෙන ලීසීං පහසුකම ද අද සිට සීමා කරන බවයි මහ බැංකුව නිවේදනය කළේ.
ඒ අනුව ලොරි රථ ඇතුළු වාණිජ වාහන සදහා මීට පෙර ලබාදී තිබූ සියයට 70 ක ණය පහසුකම නව සංශෝධනය අනුව සියයට 60ක් දක්වා අඩු කෙරුණා.
එමෙන්ම මෝටර් රථ, එස්.යූ වී රථ, වෑන්, ත්‍රීරෝද රථ සහ අනෙකුත් වාහන සදහා මීට පෙර සියයට 50 ක්ව පැවති ණය පහසුකම සියයට 40 දක්වා අඩුකර ඇති බවයි මහ බැංකුව ප්‍රකාශ කළේ.
මේ අතර පසුගිය වසරේ නොවැම්බර් මස 08 වනදා සිට ඊයේ දිනය දක්වා ණයවර ලිපි විවෘත කර, ලියාපදිංචි නොකළ වාහන සඳහා වූ ණය පහසුකම ද සංශෝධනය කර තිබෙනවා.
ඒ අනුව වාණිජ වාහන සඳහා සියයට 70ක් සහ මෝටර් රථ, එස්.යූ වී රථ,වෑන්, ත්‍රී රෝද රථ මෙන්ම අනෙකුත් වාහන සඳහා සියයට 50ක් ලෙස ලබාදුන් ණය පහසුකම් සංශෝධනය කර තිබෙනවා.
මේ අතර පසුගිය වසරේ ජූලි මස 18 වනදා සිට නොවැම්බර් මස 08 වනදාට පෙර ණයවර ලිපි විවෘත කර, ලියාපදිංචි නොකළ වාහන සඳහා වූ ණය පහසුකම ද සංශෝධනය කර තිබෙනවා.
ඒ අනුව වාණිජ වාහන සඳහා සියයට 80ක්, මෝටර් රථ, එස්.යූ වී රථ සහ වෑන් සඳහා සියයට 60ක්, ත්‍රිරෝද රථ සඳහා සියයට 50ක් සහ අනෙකුත් වාහන සඳහා සියයට 70ක් ලෙස ලබාදුන් ණය පහසුකම් සංශෝධනය කර තිබෙනවා.
එමෙන්ම පසුගිය වසරේ ජූලි මස 18 වනදාට පෙර ණයවර ලිපි විවෘත කර, ලියාපදිංචි නොකළ වාහන සඳහා වූ ණය පහසුකම ද සංශෝධනය ලක් කර ඇති අතර, ඒ අනුව වාණිජ වාහන සඳහා වූ ණය පහසුකම සියයට 90ක් ලෙස සංශෝධනය කර තිබෙනවා.
මෝටර් රථ, එස්.යූ වී රථ සහ වෑන් සඳහා සියයට 50ක්, ත්‍රිරෝද රථ සඳහා ණය පහසුකම සංශෝධනය කර ඇත්තේ සියයට 25ක් ලෙසයි.
එමෙන්ම සැහැල්ලූ ට්‍රක් රථ සඳහා සියයට 90ක් සහ අනෙකුත් වාහන සඳහා සියයට 70ක් ලෙස ලබාදුන් ණය පහසුකම් සංශෝධනය කර තිබෙනවා.
කෙසේ වෙතත් මෙම කාණ්ඩවලට අයත් විද්‍යුත් වාහන සඳහා වූ ණය පහසුකම සංශෝධනය වී ඇත්තේ සියයට 90ක් ලෙසයි.
එමෙන්ම, දෙමුහුන් හෙවත් හයිබ්‍රිඩ් වර්ගයට අයත් එස්.යූ වී රථ, වෑන් සහ මෝටර් රථ සඳහා ලබාදුන් ණය පහසුකම සියයට 50 ක් ලෙස සංශෝධනය කර තිබෙනවා.