
ශ්‍රී ලංකා මහ භාණ්ඩාගාරයෙන් විදේශීය ණය වාරිකයක් ගෙවීම සඳහා වෙන් කර තිබූ අමෙරිකානු ඩොලර් මිලියන 2.5 ක මුදලක් සයිබර් හැකර් කණ්ඩායමක ග්‍රහණයට පත්වීමේ මහා පරිමාණ මූල්‍ය වංචාවට සම්බන්ධ සියලුම පරිගණක, සේවාදායක (Servers) සහ අනෙකුත් ඩිජිටල් උපාංග වහාම පරීක්ෂාවට ලක් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය රජයේ රස පරීක්ෂකවරයාට නියෝග කළා. එමෙන්ම එම තාක්ෂණික පරීක්ෂණවලට අදාල සවිස්තරාත්මක වාර්තාවක් කඩිනමින් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස ද මහේස්ත්‍රාත්වරයා නියෝග කරනු ලැබුවා. ඕස්ට්‍රේලියානු අපනයන මූල්‍ය ආයතනයකට ගෙවීමට තිබූ ණය මුදලක් මෙලෙස හැකර්වරුන් විසින් විද්‍යුත් තැපැල් (Email) පද්ධතිවලට අනවසරයෙන් ඇතුළු වී ව්‍යාජ ගිණුම් අංක වෙත හරවා යවා ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බව පෙර දිනයේ දී විමර්ශන නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නා.