
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් පුද්ගලයෙකුගේ නිවෙසට සිදුව ඇති පුර්ණ හානිය
වෙනුවෙන් රජයෙන් ලබා දෙනු ලබන ලක්ෂ 50 ක ආධාර මුදලට අදාල පළමු වාරිකය
ලබා දිමේදී එම පුද්ගලයාගෙන් ලක්ෂ 10 ක අල්ලස් මුදලක් ඉල්ලා ලබා ගත් බව
කියන තණමල්විල ප්රදේශිය ලේකම් කාර්යාලයේ ග්රාම නිලධාරීවරයෙකු ඇතුලු තවත්
පුද්ගලයෙක් ලබන 9 වැනිදා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ
ප්රධාන මහේස්ත්රාත් අසංග එස්. බෝදරගම අද (25) නියෝග කළා.
සිද්ධියට අදාල සැකකරු අල්ලස් කොමිසම විසින් අද අධිකරණයට ඉදිරිපත් කිරීමෙන්
අනතුරුව මෙලෙස නියෝග කළා.
තණමල්විල ප්රාදේශිය ලේකම් කාර්යාලයේ ග්රාම නාලධාරීයෙකු වන වි.ජි. නිමල්
නමැත්තා සහ සිවිල් පුද්ගලයෙකු වන කෘස් වින්ස්ටන් එලෙස රක්ෂිත බන්ධනාගාරගත
කරනු ලැබුවා.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් අධිකරණයට කරුණු දක්වමින් අල්ලස් කොමිසම
වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නිලධාරීන් සඳහන් කර සිටියේ දිට්වා සුළි කුණාටුව
හේතුවෙන් පැමිණිලිකාරියගේ නිවසට සිදුව ඇති පූර්ණ හානිය වෙනුවෙන් රජය
විසින් ලබා දීමට අනුමත කර ඇති රුපියල් ලක්ෂ 50 ක ආධාර මුදලින් පළමු වාරිකය
ලෙස ලබා දෙන ලක්ෂ 20 ක මුදල ලබා දිමේදී මෙම සැකකරු ලක්ෂ 10ක මුදලක්
අල්ලස් ලෙස ගෙන ඇති බවයි.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්රාත්වරයා සිද්ධියට අදාලව සියලු විමර්ශන
සිදුකර මීළඟට නඩු දිනයේදී අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කළා.