ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ හයවන අදියර සඳහා ඉන්දීය කණ්ඩායමේ ක්‍රීඩාකරන ක්‍රීඩකයින් සහභාගී වන බව LPL සංවිධායකයින් නිවේදනය කර තිබෙනවා.
ඉන්දීය කණ්ඩායමේ දැනට ක්‍රීඩාකරන ක්‍රීඩකයින් මෙලෙස ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලි සඳහා සහභාගී වන්නේ පළමු වරට වීම විශේෂතත්වයක්.
මීට පෙර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලි සඳහා ඉන්දීය කණ්ඩායම නියෝජනය කළ එහෙත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා ලද ඉන්දීය ක්‍රීඩයින් ක්‍රීඩා කර තිබුණා.
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ හයවන අදියර දෙසැම්බර් 1 වනදා ආරම්භ වීමට නියමිතයි.
එළැඹෙන 2026 විස්සයි20 ලෝක කුසලානයට පෙරහුරුවක් ලෙස මෙම කාල සීමාවේ තරගාවලිය පැවැත්වෙන බව තරග සංවිධායකින් පවසනවා.
මෙවර තරගාවලියට විස්සයි20 තරගාවලි රටාවේ ලීග් තරග 20ක් සහ පිළිමළුන් පිටුදැකීමේ තරග 4ක් ඇතුළුව මුළු තරග 24ක් ඇතුළත්.
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ හයවන අදියරය කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය, මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය සහ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්රීඩාංගනයන්වලදී පැවැත්වෙයි.