අචාර්ය උපුල් වීරසිංහ (උපුල් මාමා) සමගින් තාරක අධිකාරි, ලෝක ළමා දිනය වෙනුවෙන් ශ්‍රී ලාංකේය ළමා පරපුරට තිළිණ කරන නව්‍ය සිනමා අත්දැකීමයි, "සිහින සරුංගල්"
චිත්‍රපටය සැප්තැම්බර් 26 වැනිදා සිට දිවයින පුරා සිනමාහල්වල තිරගතවීමට නියමිතයි.
නවීන් රත්නායක නිෂ්පාදනයක් වන සිහින සරුංගල්, රෝහණ වන්නිආරච්චි සම නිෂ්පාදනයකි.
උපුල් වීරසිංහගේ කතා සංකල්පයක් ඇසුරින් සනත් භාෂ්වර කරුණාරත්න තිර රචනයෙන් නිමවූ මෙම සිනමා නිර්මාණය, අධ්‍යාපන අමාත්‍යංශයේ අනුමැතිය ලත් සිනමාපටයකි.
රොෂාන් රණවන, හේමසිරි ලියනගේ, මෙතික සෙනරත්, ක්ලීටස් මෙන්ඩිස්, සතිස්චන්ද්‍ර එදිරිසිංහ, මනෝහාරී විමලතුංග, කුමාර තිරිමාදුර, ශිරෝමිකා ප්‍රනාන්දු, අනුර මාපිටිගම, අනුර ශ්‍රීනාත් යන පිරිස සිහින සරුංගල් තිරය හැඩකරනු ඇති.
දෙමාපියන් අහිමි, තම සීයාගේ සෙවණේ හැදෙමින් දිවි ගෙවන උත්සාහවන්ත දිරිය දරුවකු වටා “සිහින සරුංගල්” කතාව ගෙතෙයි....