
රාවල්පින්ඩි හිදී පැවැත්වුණු පාකිස්තාන එක්දින තුන්කොන් ක්රිකට් තරගාවලියේ පළමු තරගයේදී මන්දගාමී ලෙස පන්දු යැවීම හේතුවෙන් පාකිස්තාන සහ ශ්රී ලංකා කණ්ඩායම් දෙකටම දඩ පනවා තිබෙනවා.
ඒ අනුව, නියමිත කාලයට වඩා පන්දු වාර දෙකක් අඩුවෙන් යැවීම හේතුවෙන් පාකිස්තාන කණ්ඩායමට ඔවුන්ගේ තරග ගාස්තුවෙන් සියයට 10 ක දඩයක් ද, එක පන්දු වාරයක් අඩුවෙන් යැවීම හේතුවෙන් ශ්රී ලංකා කණ්ඩායමට තරග ගාස්තුවෙන් සියයට 5 ක දඩයක් ද පනවා ඇති බවයි වාර්තා වෙන්නේ.
අයි.සී.සී. තරග තීරක ජෙෆ් ක්රෝ විසින් මෙම දඬුවම් නියම කර තිබෙනවා.
ක්රීඩකයන් සඳහා වන අයි.සී.සී. චර්යාධර්ම සංග්රහයේ 2.22 වගන්තියට අනුව, නියමිත කාලය තුළ යැවීමට අපොහොසත් වන සෑම පන්දු වාරයක් සඳහාම ක්රීඩකයන්ගේ තරග ගාස්තුවෙන් සියයට 5 ක දඩයක් අය කෙරෙනු ඇති.