
බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 4කින් පරාජය කර පාකිස්තානයේ පැවති වයස අවුරුදු 19න් පහළ තුන්කොන් විස්සයි20 ක්රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ශ්රී ලංකාව අද (16) සමත් විය.
ෆයිසලාබාද්හිදී පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්රී ලංකාව පන්දුවාර 20 තුළදී කඩුලු 6ක් දැවී ලකුණු 158ක් රැස්කළේය.
පිළිතුරු ඉනිම ක්රීඩාකළ බංග්ලාදේශයට පන්දුවාර 20 තුළදී කඩුලු 7ක් දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 154ක් පමණි.