
පාකිස්තානයේ පැවැත්වෙන තුන්කොන් එක්දින ක්රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැත්වුණ ශ්රී ලංකා - පාකිස්තාන තරගය ලකුණු 37කින් ජය ගැනීමට පාකිස්තානය සමත්විය.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානය පන්දුවාර 49.5කදී සියලු දෙනා දැවී ලකුණු 305ක් රැස්කිරීමට සමත් විය.
ඒ අනුව ශ්රී ලංකාවට ජයග්රහණය සඳහා ලකුණු 306ක ඉලක්කයක් හිමි වූ අතර පිළිතුර ඉනිම ක්රීඩා කළ ශ්රී ලංකාවට පන්දුවාර 48.1කදී සියල්ලන් දැවී ලබාගැනීමට හැකි වූයේ ලකුණු 268ක් පමණි.