
පාකිස්ථානයේදී පැවති එක්දින තුන්කොන් ක්‍රිකට් තරගාවලියේදී පසුගිය බ්‍රහස්පතින්දා එංගලන්තයට එරෙහිව පැවති තරගයේදී මන්දගාමී පන්දු යැවීමේ වේගයක් පවත්වා ගැනීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ඔවුන්ගේ තරග ගාස්තුවෙන් 5% දඩයක් නියම කර තිබෙනවා.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තරග තීරක මණ්ඩලයේ ජෙෆ් ක්‍රෝ විසින් මෙම දඩය පනවා ඇත්තේ, නියමිත කාල සීමාවන් සලකා බැලීමෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත කාලයට වඩා එක් පන්දුවාරයක් පසුපසින් සිටින බව තීරණය වීමෙන් පසුවයි.
ක්‍රීඩකයින් සහ ක්‍රීඩක සහායක නිලධාරීන් සඳහා වන ICC ආචාරධර්ම සංග්‍රහයේ 2.22 වගන්තියට (Article 2.22 of the ICC Code of Conduct) අනුව, අවම පන්දුවාර වේග නීති කඩ කිරීමක් යටතේ කණ්ඩායමක් නියමිත කාලය තුළ යැවීමට අපොහොසත් වන සෑම පන්දුවාරයක් වෙනුවෙන්ම ක්‍රීඩකයින්ට ඔවුන්ගේ තරග ගාස්තුවෙන් සියයට පහක දඩයක් හිමියි.
ශ්‍රී ලංකා කණ්ඩායම් නායක කුසල් මෙන්ඩිස් විසින් මෙම වරද පිළිගනිමින් යෝජිත දඩය භාරගෙන ඇති බැවින්, මේ සඳහා විධිමත් විභාගයක් පැවැත්වීමේ අවශ්‍යතාවක් මතු වී නොමැති බවත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ සඳහන්.