
තණමල්විල පොලිස් වසමේ අරබකෙම ප්රදේශයේදී වියළි ගංජා කිලෝග්රෑම් 784යි ග්රෑම් 35ක් සමඟ සැකකරුවෙකු තණමල්විල පොලිසියෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ (15) සවස තොරතුරකට අනුව තණමල්විල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකළ වැටලීමකදී මෙම වියළි ගංජා තොගය සමග සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 54ක් වන හම්බේගමුව ප්රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරු අද (16) වැනිදා වැල්ලවාය මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් තණමල්විල පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනු ලබනවා.