
විදේශීය නිෂ්පාදිත ගිනි අවියක් සමඟ සැකකරුවෙකු පොලිස් විශේෂ කාර්ය
බලකායෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ (01) උදෑසන පොලිස් විශේෂ කාර්ය බලකා ජයවර්ධනපුර කඳවුරේ
නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව පන්නල පොලිස් වසමේ හුණුවිල
ප්රදේශයේ වැටලීමක් දියත් කරනු ලැබුවා.
එහිදි විදේශීය රටක නිෂ්පාදිත පිස්තෝලයක් ලඟ තබාගෙන සිටි පුද්ගලයෙකු
අත්අඩංගුවට හැකි වු බව පොලිසිය පවසනවා.
අවුරුදු 38 ක් වයසැති මෙම සැකකරු හුණුවිල ප්රදේශයේ පදිංචිකරුවෙක්
වන අතර සැකකරු පන්නල පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇත.
වැඩිදුර විමර්ශන ක්රියාත්මකයි.