
රාගල පොලිස් වසමේ බෘක්සයිඩ් වතුයායාට අයත් තේ කර්මාන්ත ශාලාවක
හදිසියේ ඇතිවු ගින්නකින් කර්මාන්ත ශාලාවට දැඩි හානි සිදුවි තිබෙනවා.
ඊයේ (01) රාත්රී මෙම තේ කර්මාන්ත ශාලාවේ ගින්න හටගෙන ඇති අතර
මේ පිලිබඳව රාගල පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත ක්රියාත්මකවි
ගින්න මැඩපැවැත්වීමට පියවර ගනු ලැබුවා.
ඒ අනුව පොලිසිය, නුවරඑළිය ගිනි නිවන ඒකකය හා ප්රදේශවාසීන් එක්ව
ගින්න මැඩපැවැත්වීමට කටයුතු කළා.
ගින්නෙන් කර්මාන්ත ශාලාවට දැඩි අලාභ හානි සිදුව ඇති අතර කිසිවෙකුටත්
තුවාල හෝ ජීවිත හානි සිදුවි නොමැත.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර රාගල පොලිසිය
වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.