එළඹෙන සිම්බාබ්වේ සංචාරයට සහ ආසියානු කුසලාන තරගාවලියට අවශ්‍ය ක්‍රීඩකයන් තෝරාගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන පන්දුවාර 20 ලීග් තරගාවලියේ අවසන් මහා තරගය අද පස්වරුවේ කොළඹ එස්.එස්.සී. පිටියේදී පැවැත්වෙනවා.
කමිඳු මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුත් ග්‍රීන්ස් සහ චරිත් අසලංකගේ නායකත්වයෙන් යුත් ග්‍රේස් කණ්ඩායම් දෙක අවසන් මහා තරගයේදී මුහුණය මුහුණ හමු වනු ඇති.
තරගාවලියේ එක් කණ්ඩායමට පැවති තරග 04න් ග්‍රීන්ස් සහ ග්‍රේස් කණ්ඩායම් දෙකම තරග 03 බැගින් ජයග්‍රහණය කරමින් ප්‍රසාද ලකුණු සටහනේ පළමු සහ දෙවන ස්ථානවලට පත්ව තිබුණා.