2025 මැයි මස 06 දින පැවති පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී, ආසන හිමිව ඇති පිළිගත් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් විසින් එක් එක් පළාත් පාලන ආයතන සඳහා නම් කර එවිය යුතු මන්ත්රී නාමලේඛනය මැතිවරණ කොමිෂන් සභාව විසින් ගැසට් පත්රයේ පළ කළ යුතු වුවත්, පිළිගත් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් විසින් දිස්ත්රික්ක කිහිපයකට අදාළව නම් කළ යුතු මන්ත්රී නාම ලේඛනය මෙතෙක් සම්පූර්ණ කර නොමැති බව නිරීක්ෂණය වී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
ඒ අනුව, මේ දක්වා මන්ත්රී ධුර හිමිව ඇති කිසියම් පිළිගත් දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් විසින් පළාත් පාලන ආයතන සඳහා නම් කර එවිය යුතු මන්ත්රීවරුන්ගේ නම් මැතිවරණ කොමිෂන් සභාව වෙත තවමත් එවා නොමැති නම්, එම දේශපාලන පක්ෂ ලේකම්වරුන් හා ස්වාධීන කණ්ඩායම් නායකයින් විසින් පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥාපනතේ විධිවිධානවලට අනුකූලව අදාළ නාමයෝජනා කඩිනමින් අදාළ තේරීම්භාර නිලධාරීන් වෙත ලබා දෙන මෙන් දන්වා සිටිනවා.
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥාපනත ප්රකාරව ඡන්ද විමසීමෙන් අනතුරුව මන්ත්රී ධුර හිමි වී තිබේ නම්, කඩිනමින් මන්ත්රීවරුන් නම් කර එවීම තරග කරන ලද පිළිගත් දේශපාලන පක්ෂවල සහ ස්වාධීන කණ්ඩායම්වල වගකීමක් බව ද මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් අවධාරණය කරනු ලබනවා.