
බෞද්ධයෙක් ලෙස ඒ වෙනුවෙන් පෙනී සිටින බවත් ඒ වගේම අනෙකුත් සංස්කෘතින්
ආරක්ෂා කරන බවත් පර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ පවසන්වා.
බුද්ධ ධර්මය වෙනුවෙන්, බුද්ධ ශාසනය වෙනුවෙන් සහ මහා සංඝරත්නය වෙනුවෙන්
පෙනි සිටිම ආගම්වාදය හෝ ජාතිවදය නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ
ජාතික සංවිධායක හා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කරනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ
මේ බව ප්‍රකාශ කළේ නෙළුම් මාවතේ පක්ෂ කාර්යාලයේදී මාධ්‍යවේදීන් අමතමිනි.
මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා මෙසේද ස්ඳහන් කළා...
"අපි සිංහල බෞද්ධාගම වෙනුවෙන් පෙනී හිටිනවා.... මොකද මේ රටේ බහුතරයක්
බෞද්ධ ජනතාව ඉන්නවා.... ඒ වගේම අපි මේ රටේ බෞද්ධයෝ.... ඉතින් අපි මේ
රටේ ජනතාව වෙනුවෙන් සහ බෞද්ධ වෙනුවෙන් පෙනී ඉන්නවා හැබැයි බුද්ධ ධර්මය
වෙනුවෙන් සහ බුද්ධ ශාසනය වෙනුවෙන් මහා සංඝරත්නය වෙනුවෙන් පෙනි ඉන්න
එක ජාතිවාදය නෙමෙයි....ඒ වගේම බෞද්ධ සංස්කෘතිය සහ බෞද්ධ දර්ශනය වගේම
මේ රටේ සියලු ආගම් සියලු සංස්කෘතියෙන් ආරක්ෂා කරන්න අපි පෙනී හිටිනවා....
විශ්වාස කරනවා මේ රට ගොඩනැගිලා තියෙන්නේ බෞද්ධ පදනම මත... ගොඩනැගිච්ච
රටේ සියලු ආගම් ආරක්ෂා කරන්න හැකියාව තියෙනවා.....ඒ හින්දා අපි බයක් නෑ
මම සිංහල බෞද්ධ තමයි...... ඒ වගේම මම අනිත් සංස්කෘතියෙන් ආරක්ෂා කරන්නත්
කටයුතු කරනවා... ආරක්ෂා කරන්න පුළුවන් වෙලා තියෙන්නේ මට මගේ සංස්කෘතිය
මගේ දහම මම විශ්වාස කරන නිසා.... ඉතින් ආගමක් දහමක් විශ්වාස කරන්නේ නැති
අයට තවත් කෙනෙක්ගේ භාෂාවක් ආගමක් දහමක් සංස්කෘතියක් ආරක්ෂා කරන්න බෑ ...
මූලිකව තමන්ගේ කම තමන් හැදිච්ච පරිසරය තමන්ගේ රට තමන්ගේ ජාතිය තමන්ගේ
ආගම අමතක කරලා යම්කිසි කෙනෙක් හිතනවා නම් ඉදිරියට යන්න පුළුවන් කියලා
ඔහුට අනන්‍යතාවයක් නෑ.... ඒ හින්දා පළවෙනි දේ තමයි තමන්ට තමන් කවුද කියන එක
පිළිගන්න පුළුවන්නම් ඒ කෙරෙහි තමන්ගේ විශ්වාසය ගොඩනගා ගන්න පුළුවන් නම්
අනිකව ආරක්ෂා කරන්න පුලුවන්....හැබැයි තමන්ට තමන්ගේ ආගම දහම බය නැතුව
ප්‍රකාශ කරන්න ආත්ම ශක්තියක් නැත්තන් ඔහු කවදාවත් තවත් ආගමක් දහමක් ආරක්ෂා
කරන්නේ නෑ.... යම්කිසි කෙනෙක් හිතෙනවා නම් නාමල් රාජපක්ෂ බෞද්ධයෝ වෙනුවෙන්
වගේම මේ රට වෙනුවෙන් පෙනී හිටීම ජාතිවාදයක් කියලා .. නෑ.... මම ජාතිවාදී නෑ,,,, .
මම සිංහල මම බෞද්ධ.....හැබැයි ඒ වගේම තමයි මම අනෙක් සංස්කෘතින් භාෂාවල්
ආගම් ආරක්ෂා කරන්නත් මම කටයුතු කරනවා....."