
සෞදි අරාබියේ රියාද් නුවර පිහිටි කිං ඛාලිඩ් ජාත්යන්තර ගුවන් තොටුපළට එල්ල වූ ප්රහාර දෙකකින් සෞදි ජාතිකයන් තිදෙනකු ජීවිතක්ෂයට පත්ව ඇත.
තවත් පුද්ගලයන් කිහිපදෙනකු තුවාල ලබා තිබෙන බව වාර්තාවනවා.
සෞදි සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කළේ, තුවාල ලැබූවන් අතර විවිධ රටවල පුද්ගලයන් සිටින බවයි.
ඔවුන්ගේ තුවාල සුළු මට්ටමේ සිට බරපතළ මට්ටම දක්වා වූ අතර, සියලු දෙනාම කඩිනමින් රෝහල්ගත කිරීමට පියවර ගෙන ඇත.
පළමු ප්රහාරය ගුවන් තොටුපළේ පහසුකම් ඉලක්ක කරගෙන එල්ල වී ඇති අතර, දෙවැනි ප්රහාරය සෞදි ගුවන් සේවයට අයත් ගුවන් යානයක් ඉලක්ක කරගෙන එල්ල වී ඇති බව එම අධිකාරිය වැඩිදුරටත් ප්රකාශ කළා.
ප්රහාරයෙන් අනතුරුව ගුවන් තොටුපළේ ගුවන් ගමන් මෙහෙයුම් තාවකාලිකව අත්හිටුවා තිබූ අතර, ගුවන් ගමන් කටයුතු යථා තත්ත්වයට පත් කිරීමට අපේක්ෂා කරන බව බලධාරීන් සඳහන් කළා.
මෙම සිදුවීම හේතුවෙන් රියාද් වෙත පැමිණෙන සහ එහි සිට පිටත්ව යන ගුවන් ගමන් රැසක් අවලංගු කිරීමට හෝ වෙනත් ගුවන් තොටුපළ වෙත හරවා යැවීමට ගුවන් සමාගම් පියවර ගෙන ඇත.
ගුවන් ගමන් අවලංගු කිරීම් 335ක් වාර්තා වූ අතර, ඊට සාපේක්ෂව අද දිනයේ අවලංගු කර ඇති ගුවන් ගමන් සංඛ්යාව 103කි.
එයාර් ඉන්දියා ගුවන් සමාගම රියාද් වෙත සහ රියාද් සිට ක්රියාත්මක වන ගුවන් ගමන් අවම වශයෙන් සති අන්තය දක්වා අවලංගු කර ඇති බව වාර්තා වේ.
මේ අතර, ජර්මනියේ ලුෆ්තාන්සා ගුවන් සමාගම ද ඔක්තෝබර් 16 වැනිදා දක්වා සෞදි අරාබියේ අගනුවර වන රියාද් වෙත සිදුකරන ගුවන් ගමන් අත්හිටුවීමට තීරණය කර ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කළේය.