
මහනුවර අස්ගිරිය ක්‍රීඩාංගණයේදී පැවැති 107 වැනි 'කන්ද උඩරට නිල් මහ සටන' (Hill Country Battle of the Blues) වාර්ෂික ක්‍රිකට් තරගයේදී ශාන්ත අන්තෝනි විද්‍යාලය කඩුලු 9කින් පරාජය කරමින් ජයග්‍රහණය වාර්තා කිරීමට මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සමත් වුණා.
මෙම ජයග්‍රහණය ත්‍රිත්ව විද්‍යාලය වසර 14ක කාලයකට පසු මෙම තරග මාලාව තුළ ලබාගත් පළමු ජයග්‍රහණය වීමත් විශේෂත්වයක්.
තරගයේ ලකුණු සටහන පහත පරිදි වේ:
ශාන්ත අන්තෝනි විද්‍යාලය (පළමු ඉනිම): 157
ත්‍රිත්ව විද්‍යාලය (පළමු ඉනිම): 264
ශාන්ත අන්තෝනි විද්‍යාලය (දෙවැනි ඉනිම): 170
ත්‍රිත්ව විද්‍යාලය (දෙවැනි ඉනිම): 63/1ක්.
ඒ අනුව, තරගයේ තුන්වැනි සහ අවසන් දිනය වූ අද (14) දිනයේදී, ජයග්‍රහණය සඳහා අවශ්‍යව තිබූ ඉලක්කය ඉතා පහසුවෙන් සපුරා ගැනීමට ත්‍රිත්ව කණ්ඩායම සමත් වුණා.