
යාපනයේ චෙම්මනි සමූහ මිනී වළේ තුන් වන අදියරයේ කැණීම් වලදී සම්පූර්ණ මිනිස් ඇට සැකිලි පද්ධති දෙකක් හමු වී තිබෙනවා. මාස හතකට පසුව මෙම සමූහ මිනී වලේ කැණීම් කටයුතු ආරම්භ කරණ ලද්දේ පසුගිය 27 වෙනිදාය. මේ වන විට චෙම්මනි සමූහ මිනී වලෙන් හමු වී ඇති මිනිස් අස්ථි පද්ධති සංඛ්‍යාව 242 කි. ඊයේ (30) හමු වූ මිනිස් ඇටසැකිලි පද්ධති දෙක ඉතා සුරක්ෂිතව ගොඩ ගෙන පරීක්ෂණ ආරම්භ වන තෙක් යාපනය අධිකරණයේ නඩුබඩු ගබඩාවේ තැන්පත් කොට තිබෙනවා. මෙම මිනිස් ඇට සැකිලි දෙකට අමතරව සමූහ මිනී වලෙන් සැක සහිත කලු පස් කුට්ටියක් හා ලෝහ දැලක් හමු වූ බව කැණීම් සිදුවන ස්ථානයේ සිටින නීතිඥ එස්.රනිතා මහත්මිය පැවසුවා.